අල්-කුර්ආනය හා විද්‍යාව

නූතනයේ මිනිසා සියල්ල විද්‍යාත්මකව බැලීමටත් ඒ ඔස්සේ තර්ක විතර්ක ඉදිරිපත් කිරීමටත් පෙළඹ සිටී. මෙය හොද ප්‍රවණතාවයක් වුවද විද්‍යාත්මක ඇසින් ආගම් දෙස බැලීම තරමක මතභේදාත්මක කාරණයකි. ඒ බොහෝ ආගම් විද්‍යාව හමුවේ අසරණ වී සිටින බැවිනි. එසේම බුද්ධියේ ඉනිපෙත්තෙහි සිටින සමාජය අවබෝධ කරගතයුතු කාරණයක් ද ඇත. ඒ සමහරක් ආගමික විද්වතුන් විද්යාදව හා ආගම ගලපන්නේ අහස පොළොව ගලපනවා සේය. ආගමික මූලාශ්ර වල පවසන කාරණයත් විද්යායමකව ඉදිරිපත් කරන කාරණයත් අතර කිසිදු සම්බන්ධතාවයක් දක්නට නැත. නමුත් විද්යාසවට සමාන්තරව තම දහම ගෙනයාමේ අරමුණින් මෙවැනි පදනම් විරහිත විද්යාණත්මක කාරණයන් ප්ර සිද්ධියේ මාධ්යරවල සාකච්චා කරනවා නිරන්තරයෙන් අප දකින්නෙමු. මෙහි දී තම ආගම කෙරෙහි ඇති නැඹුරුතාවයත් භක්තියත් නිසා අන්ධ භක්තියන් ලෙස සියල්ල හිස්මුදුනින් පිලිගන්නත් ඒවා සත්යත බවට හිස් තර්ක විතරක් ඉදිරිපත් කරන්නටත් එහි අනුගාමිකයන් පෙලඹී සිටී.ඉස්ලාම් දහම සම්බන්ධයෙන් පවසන්නට ඇත්තේ ඉස්ලාම් දේව පණිවුඩ පදනම් කරගත් දහමක් එය විද්යාාවට එරෙහි වු හෝ විද්යා වට ආවඩන දහමක් නොවේ. එසේම ශුද්ධ වු අල්කුර්ආනය විද්යාය ග්ර න්ථයක් ද නොවේ. මේ නිසා මෙහි පවසන කාරණයන් විධයාත්මක සමීකරණ හෝ විද්යාපගාර පරීක‍ෂණ, නිරීක‍ෂණ හා නිගමනයන් නොවේ. මෙහි පවසනනේ සත්යපයයි එය මිනිස් බුද්ධියට ගෝචරද විද්යාම ත්මකද යන්න මිනිසා විසින් තීරණය කලයුතු කාරණයකි.ශුද්ධ වු අල්කුර්ආන් වාක්යය කිහිපයක් ඔබේ අවදානයට ඉදිරිපත් කරන්නේ එහි විනිශ්චය ඔබටම භාර කරමිණි.
තාරකා විද්‍යාව
“අහස්හි ග්‍රහලෝකයන් නිර්මාණය කර එහි (සූර්්‍යයා )
පහනක් ලෙසත් චන්ද්‍රමයා දීප්තිය ගෙන දෙන්නක් වශයෙන්ද නිර්මාණය කළ ඔහු (එම රහ්මාන් ඉතාමත්) භාග්්‍යවන්තය”අල්කුර්ආන් 25:61

ජල ⁄ භූගෝල විද්්‍යා ව
“…ඇත්තෙන්ම අල්ලාහ් වළාකුලෙන් වැස්ස වස්සවන්නට සලස්වා එය භූමියෙහි උල්පත් වශයෙන් ගලා බසින්නට සලස්වන්නේය පසුව ඒ මගින් පොලොව මත විවිධ වර්ණයන්ගෙන් යුත් අස්වනු ඔහු වැඩෙන්නට සලස්වන්නේය පසුව (එම කරල්)පැසී කහ වර්ණ වනු දකින්නෙහිය පසුව එය (වියළී) පඩරැල් මෙන් වන්නේය ඇත්තෙන්ම මෙහි නුවණැතියන්ට හොද පාඩමක් ඇත.“
අල්කුර්ආන් 39:21

භූගර්භ විද්්‍යා ව
“ඔබ උසුළාගෙන සිටින භූමිය නොසැලී සිටීම සදහා විශාල කදු ඒ මත පිහිටව්වේය ”අල්කුර්ආන් 16:15

ජීව විද්්‍යාව
“…..පණ ඇති සියල්ල ජලයෙන් අප නිර්මාණය කලෙමු……… “
අල්කුර්ආන් 21:30

උද්භිද විද්්‍යාව
“……අහසින් ජලය පහල කොට එයින් විවිධ වූ ගස් කොලන් වලින් (ගැහණු පිරිමි) ජෝඩු වශයෙන් මැව්වෙමු.
අල්තුර්ආන් 20:53

වෛද්‍ය විද්්‍යාව
“……..(මී මැස්සන්ගේ) උන්ගේ උදරයෙන් විවිධ වර්ණවත් පානයන් වෑහෙන්නේය එහි මනුෂ්යා)හට රෝග සුවය ඇත්තේය “
අල්කුර්ආන් 16:69

කායික විද්්‍යාව
“ඔවුන්ගේ ඇටකටු එක්රුස් කරන්නට අප නොහැක්කෙමු යයි ඔවුන් සිතන්නේද? ඔවුන්ගේ :Fingerprint- ඇගිලි තුඩ පවා නැවත තිබු ආකාරයටම මවන්න අප ශක්තිවන්තය “
අල්කුර්ආන් 75:3,4

කළල විද්්‍යාව
“සෑම මිනිසෙකුටම (ඔහු එලියට ඒමට )පෙර කාලයක් ගත වුයේ නැද්ද?(එහිදී)ඔහු මෙන්න මේ වස්තුව යයි කිව නොහැකි තත්වයක සිටියේය(පසුව ගැහණු පිරිමි) මිශ්‍රවුණු ඉන්ද්රිය බිදකින් නියත වශයෙන්ම අපි නිර්මාණය කළෙමු ඔහුව අපි පරීක්ෂා කිරීම පිණිස ශ්‍රවණ ඉන්ද්‍රියන් ඇත්තවුන් වශයෙන්ද කළෙමු
අල්කුර්ආන් 76:02

විශ්ව සම්භවය
“ආරම්භයේ අහස පොළව එක් වී වායු ස්කන්ධයක්ව පැවතුනි. පසුව එය වෙන්කරන ලදී “
අල්කුර්ආන් 21:30

ඉහත අල්කුර්ආන් වාක්්‍ය කෙරෙහි මධ්්‍යස්ථව හිද බුද්ධිමත් අවදානය යොමු කරන්න. ඔබ මවිතයට පත්වෙනවා ඒකාන්තය.